කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ප්‍රදීප් උඳුගොඩ, කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රධාන ශ්‍රවණාගාරයේදී අගෝස්තු 29 දින පැවැත්විණි.
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ. එච්. එම්. ෆවුසි, මධුර විතානගේ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
දිස්ත්‍රික්කය තුල දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන වැඩසටහන් වන අලුත් ගමක් - අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සංවර්ධන වැඩසටහන, ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සහතික කිරීමේ වඩසටහන, සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩ සටහනේ මෙහෙයුම් කටයුතු, ආපදා අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන, කුකුළු පැටවුන් බෙදා දීමේ වැඩසටහන, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඇස් පරීක්ෂා කිරීමේ වැඩසටහන, විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන, ග්රාමශක්ති වැඩසටහනේ මෙහෙයුම් කටයුතු යන වැඩසටහන් වල ප්‍රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.
ඩෙංගු, ජල භීතිකාව සහ ලාදුරු රෝගයන්හි වර්තමාන තත්වය, එම රෝග පාලනය සහ ජනතාව දැනුවත් කලයුතු ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවිය.
CResMPA -දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහුඅදියර වැඩසටහන යටතේ දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා කල අතර එම ව්‍යපෘති සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කරගනිමින් කඩිනමින් ඒවා ක්‍රියාත්මක කලයුතු බවටත් නිලධාරීන්ට උපදෙස් ලබාදුනි.
දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අංශය මඟින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කල අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවිය.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -







