
2022 සැප්තැම්බර් මාසය සඳහා වන කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් සමුළුව කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල කුඩා ශ්‍රවණාගාරයේ දී අද (23) පැවැත්විණි.
රටේ වත්මන් ආර්ථික අර්බුධය හමුවේ පිඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කල "අහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීම සදහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය" වැඩසටහන යටතේ ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කමිටු පිහිටුවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
රජයේ ඉඩම් සදහා ප්‍රකාශන ඔප්පු ලියාපදිංචි කිරීම වැළැක්වීම, සමෘද්ධි වැඩසටහන යටතේ බොල් ණය හා කල් පසුවූ ණය අයකර ගැනීම, කොළොන්තොට වගා සංග්‍රාමයට සමගාමිව පැවැත්වීමට නියමිත ගෙවතු වගා තරඟය, 75 වන නිදහස් සැමරුම් උළෙල, ලෝක ළමා දිනය වෙනුවෙන් ළමා හා කාන්තා ඒකකය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ලෝක ළමා දින සැමරුම් උත්සවය, දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය, දිසාපති ක්‍රීඩා කුසලාන තරඟාවලියේ පැවැත්වීමට නියමිත ඉදිරි තරඟ යන වැඩසටහන් පිලිබඳ සාකච්ඡා කල අතර පසුගිය වාර්තාවෙන් පැනනගින ගැටළු පිලිබඳව ද සාකච්ඡා කළේය.
යල කන්නයේ වී වගාවේ ප්රතිය, මහ කන්නයේ වගාවට අවශ්‍ය පොහොර සැපයීමේ ක්‍රමවේදය පිළිබඳ දිසාපතිතුමන් විසින් මෙහිදී සොයා බලන ලදී.
ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික් නිවාස කමිටුව පැවැත්විණි.
"ඔබට ගෙයක් රටට හෙටක්" නිවාස ආධාර වැඩසටහනෙහි ප්‍රගතිය හා නිවාස ණය අයකරගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම සාකච්ඡාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්යක්ෂ සේනක සිල්වා, ප්‍රධාන ගණකාධිකාරී ජි. ජයවීර, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ඉංජිනේරු ලලිතා ගමගේ මහත්මිය, ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -






