කාර්ය භාරය:-

  1. දිස්ත්‍රික්කය තුළ සමාජ සේවා නිළධාරීන්ගේ, සංවර්ධන නිළධාරීන්ගේ රාජකාරී කටයුතු අධික්ෂණය හා සම්බන්ධිකරණය
  2. දිස්ත්‍රික්කයට අදාල සංවර්ධන ව්‍යාපෘති/වැඩසටහන් හඳුනා ගැනීම, සකස් කිරීම හා අනුමැතියෙන් පසු මෙහෙයවීම , අධීක්ෂණය.
  3. වැදගත් සමාජ සංවර්ධන තොරතුරු එක්රැස් කිරීම, තොරතුරු එක්රැස් කිරීමට සම්බන්ධ කටයුතු දිස්ත්‍රික්කය තුළ මෙහෙයවීම.
  4. දෙපාර්තමේන්තු ප්‍රකාශන සඳහා අවශ්‍ය ප්‍රවෘත්ති හා තොරතුරුසම්පාදන කටයුතුදිස්ත්‍රික්කය තුළ මෙහෙයවීම හා අධීක්ෂණය.
  5. දිස්ත්‍රික්කයේ රාජ්‍ය සංවිධාන /ආයතන, රාජ්‍ය නොවන සංවිධාන/ආයතන සමග සමාජ සේවා කටයුතු උදෙසා සංවිධානය හා සම්බන්ධීකරණය.

    

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 සමාජ සේවා නිළධාරීන්,සංවර්ධන නිළධාරීන් සිදුකරනු ලබන බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවට අදාල සේවාවන්

  1. අඩු ආදායම් ලාභීන් සඳහා මහජනාධාර ලබා දීම. (මාසිකව)
  • තනි පුද්ගලයකු සඳහා රු.250
  • 1වන යැපෙන්නා සඳහා රු.300
  • 2වන යැපෙන්නා සඳහා රු.350
  • 3වන යැපෙන්නා සඳහා රු.400
  • 4වන යැපෙන්නා සඳහා රු.450
  • 5වන යැපෙන්නා සඳහා රු.500
  1. අඩු ආදායම් ලාභීන් සඳහා පිළිකාධාර, ක්ෂයරෝගාධාර, තැලසීමියා රෝගාධාර හා ලාදුරු රෝගාධාර ලබා දීම.
  • රු.1000 බැගින් මාසිකව
  1. පියා මිය ගිය, පියා හැර ගිය, පියා රැකියාවක් කර ගත නොහැකි ලෙස ආබාධ සහිත තත්වයට පත් වූ හෝ පියා බන්ධනාගාර ගත වූ පවුල් වල අධ්‍යාපනය ලබන අධ්‍යාපන ආධාර ලැබීමට සුදුසු දරුවන් සඳහා අධ්‍යාපන ආධාර ලබා දීම.
  • අ.පො.ස. (සා.පෙළ) දක්වා මාසිකව රු.1,000
  • අ.පො.ස. (උ.පෙළ) දරුවන් සඳහා මාසිකව රු.1,500
  • පවුලක් සඳහා උපරිමව මසකට රු.2,500
  1. අඩු ආදායම් ලාභී ආබාධ සහිත වූවන් සඳහා උපකරණ ලබා දීම.
  • රෝද පුටු
  • කොමඩ් සහිත රෝද පුටු
  • ත්‍රෛයිසිකල්
  • ඇස් කණ්නාඩි
  • ශ්‍රවණ උපකරණ
  • අත් වාරු
  • කිහිළි කරු
  • ඇවිදීමේ ආධාරක
  • ජල/වායු මෙට්ට
  • බස්තම්
  • සුදු සැරයටි
  1. අඩු ආදායම් ලාභී ආබාධ සහිත වූවන් හා තනි මවුවරුන් සඳහා ස්වයං රැකියා ආධාර හෝ උපකරණ ලබා දීම.(පළාත් සංවර්ධන ප්‍රධාන මගින්)
  1. අඩු ආදායම් ලාභී ආබාධ සහිත වූවන් හා තනි මවු වරුන්ගේ නිවාස ආධාර ලබා දීම. (පළාත් සංවර්ධන ප්‍රධාන මගින්)
  1. ප්‍රදේශයේ ලියාපදිංචි වැඩිහිටි නිවාස / ආබාධ සහිත වූවන්ගේ නිවාස සඳහා නඩත්තු ආධාර/යථායෝග්‍යාධාර ලබා දීම.
  1. අඩු ආදායම් ලාභී, හෘද සැත්කම් සිදු කිරීමට නියමිත ,ආධාර ලබා දිය යුතු   පුද්ගලයන් සඳහා සැත්කම් ආධාර ලබා දීම. (රු.50,000)
  1. අඩු ආදායම් ලාභී, වකුගඩු රෝගයෙන් පෙලෙන රුධිරකාන්දුකරණය කරමින්  පවතින හෝ රුධිරකාන්දුකරණය කිරීමට නියමිත පුද්ගලයන් සඳහා රු.50,000 ක ආධාර ලබා දීම.
  1. අඩු ආදායම් ලාභී ආබාධ සහිත වූවන් සඳහා කොමඩ් වැසිකිලි අවශ්‍යතා සඳහා රු15,000 ආධාර ලබා දීම.
  1. බස්නාහිර පළාත් මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ වැඩිහිටියන්, ආබාධ සහිත වූවන් හා රෝගාධාර ලබන්නන් සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

 

යූ.දුෂ්මන්ති ප්‍රියන්ගිකා ධර්මසිරි    - ජ්‍යෙෂ්ඨ සමාජ සේවා නිළධාරී -කොළඹ

071-8541008