
2021 ජූලි මාසය සඳහා වන කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් සමුළුව අද (2021 ජූලි 29) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.
ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරියන්ගේ සහභාගීත්වයෙන්.
ප්‍රාදේශීය ලේකම් සමුළුව න්යායපත්රානුකූලව ආරම්භවීමට ප්‍රථමයෙන් විශේෂ දැනුවත් කිරීම් කිහිපයක් ද සිදු කෙරුණා.
ඒ අනුව ජන්ද හිමියන් ලියාපදිංචි කිරිම හා ඊට අදාළ වැඩපිළිවෙල පිළිබඳ ව ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීම කොළඹ නාගරික නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් විසින් සිදු කරනු ලැබුවා.
ඉන් අනතුරුව "සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන" වැඩසටහන පිළිබඳව සෞභාග්‍යා සංවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් වසන්ත ගුණරත්න මහතා විසින් දැනුවත් කිරීමක් සිදු කල අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශයේ ශිෂ්‍ය ණය වැඩසටහන පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් ද සිදු කෙරුණා. ඒ එහි නියෝජ්‍ය අධ්යක්ෂ වාසනා ප්‍රේමරත්න මහත්මිය විසින්.
එසේ ම එම අවස්ථාවට එක් වූ ජාතික තරුණසේවා සභාවේ කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂවරයා විසින් "සුහුරු ගෙවත්ත" වැඩසටහන පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබුවා.
පසුගිය ප්‍රාදේශීය ලේකම් සමුළු වාර්තාවෙන් පැන නගින ගැටළු පිළිබඳ ව සාකච්ජාවට ලක් කල අතර, ඒ සඳහා ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නා.
දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, කොවිඩ් 19 වසංගතයේ වර්තමාන තත්ත්වය, රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් උප්පැන්න සහතික නොමැති පුද්ගලයන් වෙත උප්පැන්න සහතික ලබාදීමේ වැඩසටහන, ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණය හා රාජකාරී පරීක්ෂාව, එක් ග්‍රාම නිලධාරී වසමකට එක් ග්‍රාමීය කර්මාන්තකරුවකු බිහි කිරීමේ මූලික පුහුණු වැඩසටහන, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පවතින ජනතා ඉඩම් ගැටළු විසඳීම හා "ගම සමග පිළිසඳර" වැඩසටහන යනා දී කාරණා මෙවර ප්‍රාදේශීය ලේකම් සමුළුවේ දී විශේෂයෙන් සාකච්ජාවට ලක්වුණා.
එසේ ම ගිණුම් අංශය, කෘෂි අංශය, පොහොර අංශය, ඉංජිනේරු අංශය, සංඛ්‍යාලේඛන අංශය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, මිනුම් ඒකක සේවා ප්‍රමිති අංශය යන අංශවල කටයුතුවල ප්‍රගතිය පිළිබඳවත් , ක්ෂේත්‍ර නිලධාරීන්ගේ වැඩසටහන්වල ප්‍රගතිය හා ඉදිරි වැඩසටහන් ද එහි දී අවධානයට ලක් කෙරුණා.
අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතා, ප්‍රධාන ගණකාධිකාරීවරයා, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ සේනක පී සිල්වා මහතා, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල නාගහවත්ත මහතා, අභ්‍යන්තර විගණක ජී.ජයවීර මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීෂා දර්ශනී මහත්මිය සහ දිස්ත්‍රික් ඉංජිනේරු ලලිතා ගමගේ මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් ප්‍රාදේශීය ලේකම් සමුළුවට සහභාගී වුණා.
මෙවර ප්‍රාදේශීය ලේකම් සමුළුවට සමගාමී ව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව සහ දිස්ත්‍රික් පරිසර කමිටුව ද රැස්වුණා.










