×

Message

Invalid Page Request

Homagama new building1

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ඉදිවෙමින් පවතින නව සිව් මහල් ගොඩනැගිල්ලෙහි ඉදි කිරීම් කටයුතු නිරීක්ෂණය , එහි ප්‍රගතිය සොයා බැලීම හා ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අද  (2021ජූනි 30 ) කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රදනත්වයෙන් පැවත්වුණා.

  හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරි කේ.එස්.පී.පෙරේරා මහතා, දිස්ත්‍රික් ඉංජිනේරු ලලිතා ගමගේ මහත්මිය , දිස්ත්‍රික් තාක්ෂණ නිලධාරී සත්‍යා අබේකෝන් මහත්මිය , ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති ඉංජිනේරු ඒ. දිල්ෂාන් මහතා, තාක්ෂණ නිලධාරී ඩබ්. ඩබ්. එල්. එස්. වනගසිංහම් මහතා, නව ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ආසිරි කන්ට්‍රක්ෂන් ආයතනයේ නිලධාරින් සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය තාක්ෂණ නිලධාරී ඇතුළු නිලධාරින් පිරිසක් ද එම අවස්ථාවට එක්වුණා.

Homagama new building2.

Homagama new building3

Homagama new building4

Homagama new building5