කොළඹ දිස්ත්‍රික් විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම - සිව්වන කාර්තුව සඳහා වන ප්‍රගති සමාලෝචන රැස්වීම අද (19) දින කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හත්වන මහළ කුඩා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මෙහිදී, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන කටයුතු පසු විපරම් කිරිම, විගණකාධිපති විගණන විමසුම් පසුවිපරම් කිරිම, 2025 වර්ෂයට අදාළ අභ්‍යන්තර විගණන සැලැස්ම ඉදිරිපත් කිරිම සහ අනුමැතිය ලබා ගැනීම යන කරුණු පිළිබඳව සාකච්ජා කෙරිණ.
මේ සඳහා කළමනාකරන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණනක, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිළධාරින් සහභාගි විය.








