විවාහ අපේක්ෂිතයින් සඳහා පූර්ව විවාහ උපදේශන ලබාදීම සඳහා විවාහ රෙජිස්ට්‍රාවරුන් හා උපදේශන නිළධාරින් බල ගැන්වීමේ පුහුණු වැඩමුළුව දිස්ත්‍රික් අතිරේක ලේකම් (පාලන) එම්.ඒ.එස්.කාංචනා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පළමු මහළ ශ්‍රවණාගාරයේදී අද (17) දින දවස පුරා පැවැත්විණි.

විවාහය සම්බන්ධව ප්‍රජනන සෞඛ්‍ය හා සෞඛ්‍ය සේවා වෙත යොමු වීමේ වැදගත්කම පිළිබඳව ගම්පහ වික්‍රමරාච්චි ආයුර්වේද විශ්ව විද්‍යාලයේ භාහිර කථිකාචාර්ය සයෝරා හෙල්ත් කෙයා පුදගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ වෛද්‍ය සචිනි අත්තනායක මිය විසින් සිදුකල අතර විවාහය සම්බන්ධ මානසික සෞඛ්‍ය හා පූර්ව විවාහ උපදේශනයේ වැදගත්කම පිළිබඳව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ දිස්ත්‍රික් උපදේශක නිළධාරි නිමල්සිරි රණසිංහ මහතා විසින් පවත්වන ලදී. ගෘහස්ථ හිංසනය හා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව කාන්තා පිහිට ආයතනයේ නීතිඥ ශානිකා විජේසිංහ මිය විසින් පවත්වනු ලැබීය.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ජාතික කාන්තා කමිටුවේ ප්‍රතිපාදන මත සංවිධානය කරන ලද මෙම වැඩමුළුව සඳහා විවාහ රෙජිස්ට්‍රාවරුන්, දිස්ත්‍රික් අතිරේක විවාහ රෙජිස්ට්‍රාවරුන් හා උපදේශන නිළධාරින් 150 කට ආසන්න පිරිසක් සහභාගි විය.

ga

ga

ga

ga

ga

ga

ga