ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ අග්‍රාමාත්‍ය ධූරයෙහි ප්‍රථම වර්ෂ පූර්ණය නිමිත්තෙන් පැවැත්වූ ලේ දන්දීමේ වැඩසටහනක් ඊයේ(26) දින නාරාහේන්පිට, නිල මැදුර කාර්යාල සංකීර්ණ පරිශ්‍රයේදී පැවැත්වුනි.රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් හා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුභ සාධක සංගමයේ සංවිධාන ශක්තියෙන් පැවැත්වූ ලේ දන්දීමේ වැඩසටහන නිරීක්ෂණය සඳහා ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් එක්විය.
මෙම අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මහතා, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු අශෝක ප්‍රියන්ත මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු යදාමිණී ගුණවර්ධන මහතා, කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති කේ.පී. විජේසිරි, අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීෂා දර්ශනී, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුභ සාධක සංගමයේ ගරු සභාපති සැලසුම් අධ්යක්ෂ සේනක සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -






