අවුරුදු 30ක් තිස්සේ අඛණ්ඩව පවත්වන, දකුණු කොළඹ එකම පෙරහැර වන, අතිශය ජනප්‍රිය කිරුළපන පුෂ්පාරාම විහාරස්ථාන පෙරහැර මංගල්‍යයේ, පුෂ්පාරාමාධිපති, පූජ්‍ය ඇල්කඩුවේ නාගිත හිමිපාණන් ඇතුළු සංඝරත්නයේ ආශිර්වාදයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව මිහිඳු පෙරහර පසුගියදා (17) රාත්‍රිය පුරා වීථි සංචාරය කරන ලදී.පූජ්‍ය ඇල්කඩුවේ නාගිත හිමි, අතිපූජ්‍ය වාලුකාරාමාධිපති, කෝට්ටේ රාජමහා විහාරාධිපති, විමලාරාමාධිපති, සාමවිහාරාධිපති, කෝට්ටේ නාග විහාරාධිකාරී, බෝධි බෞද්ධ මධ්‍යස්ථානධිපති ප්රමුඛ පූජනීය නායක මහා සංඝරත්නයද ප්‍රදේශයේ කතෝලික මුස්ලිම් හින්දු පූජක ප්‍රසාදීන් සියලු දෙනාම ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මූලිකත්වයෙන් පැවැති පෙරහැර මංගල්‍යය කමිටුව විසින් සාර්ථකව සංවිධානය කරන ලද මෙවර පෙරහැරට අලිඇතුන් 11දෙනෙක් පෙරහැර අංග 68ක් එක්කරගෙන තිබිණි.
අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අනුග්‍රහය ලබන පෙරහැරක් ලෙස ගැසට් කිරීමෙන් පසු පළමුවරට, මෙවර පෙරහැර පැවැත්වුන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සමන්මලී සකලසූරිය ගුණවර්ධන, කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති ටයිටස් පෙරේරා, කොළඹ දිසාපති කේ ජී විජේසිරි, කිරුළපන වෙළඳ සමූහය, දායක කාරකාදීහු ඇතුළු ප්‍රදේශවාසී සියලු දෙනා මෙම අවස්ථාවට එක්වූහ.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -






