ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 526 ඒ ගංගොඩවිල දකුණ ග්‍රාම නිලධාරී වසමේ ජනතාව සඳහා කොවිඩ් 19 මර්දන එන්නත ලබාදීම දෙවන දිනයටත් පැගිරිවත්ත විවේකාරාම විහාරස්ථානයේ දී සිදු කරනු ලැබුවා .
කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා හා දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතා විසින් එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණය කෙරුණා.
කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතාගේ උපදෙස් අනුව වසමේ නිලධාරීන් විසින් සම්බන්ධීකරණ කල මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල විසින්.



















