කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ නවීකරණය කරන ලද නව පුස්තකාලය සහ තොරතුරු මධ්‍යස්ථානය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) දින විවෘත කරන ලදී.

දිස්ත්‍රික් සම්පත් පැතිකඩ ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඊට අනුබද්ධ අනෙකුත් ආයතන විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන්, ව්‍යාපෘති ආදියෙහි ප්‍රගතිය සහ තොරතුරු ඊ සේවාව මගින් ලබා ගැනීමේ තොරතුරු මධ්‍යස්ථානයක් ලෙසද මෙය නම්කෙරිණ.

කාර්යාලීය සාමාජිකයන් අතර කියවීම ප්‍රවර්ධනය කිරීම,දැනුම බෙදා හදා ගැනීම සහ වෘත්තීමය කාර්ය සාධනය වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද මෙම පුස්තකාලය තුළ පොත් 4000ට ආසන්න සංඛ්‍යාවක් තිබෙන අතර ඊට අමතරව දෛනික පුවත්පත් සහ සඟරා ද මෙහි ඇතුළත්ය.

වැඩිදියුණු කරන ලද නව පුස්තකාලය සහ තොරතුරු මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව වන මහළේ ස්ථාපිත කර ඇත.

Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image