පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 46 ක් ඉදිරිපත්ව සිටී.
මැතිවරණ කටයුතු සම්බන්ධ කලාප භාර සහකාර තේරීම්භාර නිළධාරි පුහුණු වැඩසටහනක් අද (24) පස්වරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
මැතිවරණ කටයුතු සම්බන්ධ කලාප භාර සහකාර තේරීම්භාර නිළධාරි පුහුණු වැඩසටහනක් අද (24) පස්වරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා කලාප භාර සහකාර තේරීම්භාර නිළධාරින් දෙසිය පනහකට ආසන්න පිරිසක් සහභාගි වූහ.
මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය මැතිවරණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයකු වන ඒ.සේනානායක මහතා විසින් ලබාදුන් අතර මේ සඳහා ඒකාබද්ධ සේවා අධ්යක්ෂ මනෝජ් අමරසිංහ මහතාද එක්ව සිටියේය.










