කළමනාකරණ සේවා නිලධාරි සේවයේ I පන්තියේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතාව කඩයිම නිදහස් කිරීමේ පාඨමාලාව 2023 ඔක්තොම්බර් මස 16 වන දින සිට 27 දින දක්වා දින 10 ක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන 75ක නිලධාරීන් 231ක් පුහුණුව සඳහා සහභාගී විය.
පාඨමාලාවේ ආරම්භක දිනය වූ අද(16) දින කාර්යාල විනය පිළිබඳව දේශනය කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි සහකාර අධ්යක්ෂ ඒ.ෆිලික්ස් ප්‍රනාන්දු මහතා විසින් සිදුකරන ලදී.
පුහුණු වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජි. විජේසිරි, කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කෞශල්‍ය කුමාරි, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීශා දර්ශනී යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -






