2023 වර්ෂයේ තෙවන කාර්තුව සදහා වන විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේදී ඊයේ (13) පැවැත්විණි.විගණන හා කළමනාකරණ කමිටු මගින් ඇතිවූ ගැටළු, රාජය ගිණුම් කටයුතු පිළිබඳ කාරක සභා නොවිසඳුනු ගැටලු ඇතුළු කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කිරීම මෙහිදී සිදුකෙරිණි.
මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අභ්‍යන්තර විගණකතුමන්, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීශා දර්ශනී, දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ඒ.පී.එස්. අශෝක කුමාර, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විවිධ අංශ නියෝජනය කරන නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගීවුහ.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -






