කොළඹ දිස්ත්‍රික්කයේ ආබාධ සහිත වූවන්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නංවමින් ඔවුන් ජාතික හා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ අරමුණින් සෑම වසරකම සංවිධාන කරනු ලබන “ආබාධ සහිත වූවන්ගේ මලල ක්‍රීඩා තරගාවලිය -2022” අද(27) දින කඩුවෙල ජි.එච්. බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ මෙහෙයවිම යටතේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහය ඇතිව මෙම ක්‍රිඩා උළෙල පවත්වන ලදි.
   මෙවර ක්‍රීඩා උළෙල කොළඹ දිස්ත්‍රික්කයේ ජිවත්වන විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට හා ආබාධිත පුද්ගලයින්ට සමාන හා උපරිම අවස්ථා ලබා දීම, ඔවුන්            මානසිකව හා ආධ්‍යාත්මිකව සවිබල ගැන්වීම සහ ඔවුන් ඒකාබද්ධ කිරීමේ අරමුණ ඇතිවය ක්‍රියාත්මක විය.
අබාධිත සහිතවූවන්ගේ දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙලේ තරග වැදී ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රිඩක, ක්‍රිඩාකාවන් ජාතික මළල ක්‍රිඩා උත්සවයට ඉදිරිපත් කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 13 ආවරණ වන පරිදි ආබාධ සහිත බාලක, බාලිකාවන් 300 කට ආසන්න පිරිසක් මෙම ක්‍රිඩා උළෙලේ තරග ඉසව් සදහා සහභාගිවිය.
මෙම ක්‍රීඩා උළෙල සදහා කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ප්‍රදීප් යසරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න, බස්නාහිර පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ සෙව්වන්දි හෙට්ටිආරච්චි, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීෂා දර්ශනී ඇතුලු රාජ්‍ය නිලධාරින් හා රාජ්‍ය නොවන ආයතන නිලධාරින් පිරිසක් සහභාගී විය.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
FB IMG 1666914750944   FB IMG 1666914754001    FB IMG 1666914757299 
 
 
 
   FB IMG 1666914760293     FB IMG 1666914763081    FB IMG 1666914766159    
 
FB IMG 1666914779961    FB IMG 1666914803784   
 
 
 FB IMG 1666914808421   FB IMG 1666914800815
 
 FB IMG 1666914815029     FB IMG 1666914811744    FB IMG 1666914786454